මාසික මිල සංශෝධනයන්ට අදාළව ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස් සමාගම්ද සිය ගෑස් මිල ගණන් සංශෝධනයන් සම්බන්ධයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් නිවේදනය කරන එම සමාගම පවසන්නේ අගෝස්තු මාසයට අදාළව ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝසන් ජේ. පීරිස් මහතා මේ බව කියා සිටියා.
ඒ අනුව ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4100ක්ද කිලෝ 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1645ක්ද වනවා.
මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමද සිය මිල සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනය කරමින් පවසන්නේ මෙවර මිල සංශෝධනයක් නොවන බවයි.
ලිට්‍රෝ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3690කටත් කිලෝ 5 රුපියල් 1482කටත් කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 694කටත් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව තිබෙනවා.