භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ හයසියයක් පමණ අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනර මහතා කියා සිටියේ ලංගම බස් ප්‍රමාණය වැඩි කිරීමටද රජය මුදල් වෙන් කර ඇති බවයි.
ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් දිවයින පුරා සංගණනයක් සිදු කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
එම පුරප්පාඩු පවතින රියදුරන් සහ කොන්දොස්තරවරුන් ලැයිස්තුව බඳවා ගැනීමට අනුමැතිය ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.