දූපත් රාජ්‍යක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ කාර්යභාරයක් නාවික හමුදාවට පැවරෙන බව ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පවසනවා.
ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය 10 වැනිදා නාවික හමුදා මූලස්ථානයට සිය ප්‍රථම නිළ සංචාරය සිදු කළ අවස්ථාවේ දී යි.
ඒ අනුව, හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා විසින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාව නාවික හමුදා මුලස්ථානය වෙත පිළිගෙන තිබෙනවා.
අනතුරුව, නාවික හමුදාධිපති විසින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා කළමණාකරන මණ්ඩලය හදුන්වා දීම සිදු කර ඇති අතර ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් නාවික හමුදා මුලස්ථානයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වු ප්‍රථම නිළ අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති තුමන් විසින් සමරු තිළිණ ප්‍රධානය නාවික හමුදාධිපති කාර්යාලයේ පැවති කෙටි පිළිසඳරෙන් පසුව සිදු වුණා.