රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර ජුනි මස 26 වැනිදා සිට ජුලි මස 07 වැනිදා දක්වා පැවැත්වෙන අතර දියකැපීමේ මංගල්‍යය ජුලි මස 11 වනදා සිදු කිරීමට නියමිතයි.
පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථ වාහන පාලන යසඳහා මාතර සහ හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙකු හා පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකු සමග රථ වාහන රාජකාරී නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 1050ක පිරිසක් යොදවා ඇතිබව පොලිසය පවසනවා.
එසේම පානම පොලිස් වසමේ සිට යාල රක්ෂිතය හරහා පෙරහැර මංගලයයට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සුබසාධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහය ලබාගැනීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසනවා.