රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහැර අද ආරම්භ වීමට නියමිතයි. එය ලබන මස 4 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
එමෙන්ම වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරනවා.
මෙම කාලසීමාව තුළ බැතිමතුන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන බව සඳහන්.
අක්‍රමවත් කසළ බැහැරකිරීම හේතුවෙන් කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700 ක් පමණ එක්රැස්වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ.
මෙම තත්වය පාලනයට කතරගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පෙරහැර කමිටුව සමඟ ඒකාබද්ධව මධ්‍යම පරිසර අධිකාරිය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.
උණුසුම් පුවත්
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි
- දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක
- සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
- ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
- ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
- අනුෂ පැල්පිට අත්අඩංගුවට
- T56 ගිනිඅවියක් සොයා ගැනේ
- අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්










