වහාම සටන් විරාමයකට එකඟ වන ලෙස රුසියාවට බලකරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට සම්බාදක පනවා තිබෙනවා.
යුක්‍රේනයට එරෙහි යුද්ධය රුසියාව දිගටම කරගෙන යන්නේ නම් ඒ සඳහා දඬුවම් පැමිණ විය හැකි බවට ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සති කිහිපය පුරාම විටින් විට ප්‍රකාශ කළා.
ඒ අනුව යමින් රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙස්ට් සහ ලුකොයිල් වෙත සම්බාදක පැමිණ වීමටයි ඔහු ඊයේ කටයුතු කළේ.
ඒ යුද්ධයට අරමුදල් සපයන රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක එය බව පවසමින්.
එම තෙල් සමාගම් දෙකට අනුබද්ධ සමාගම් රැසකට ද ඉන් බලපෑම් එල්ල වනු ඇති.
තමන් අපේක්ෂිත අරමුණුවලට රුසියා ජනපති එකඟ වී නැති බැවින් ඔහු සමග යොදා ගත් දෙවන සාකච්ඡාව අවලංගු කළ බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසන්නේ.
බොහෝ කාලයක් බලා සිටි බව පවසන ඔහු දැන් සම්බාදක සඳහා කාලය පැමිණ ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.