රුසියාවේ තෙල් සමාගම් දෙකකට අමෙරිකාව නව සම්බාධක ප්රකාශයට පත්කර තිබෙනවා.
ඒ, යුක්රේනය සමග සාම ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන ලෙස බල කරමින්.
මේ අතර රුසියානු ජනාධිපතිවරයා සමග සිදු කළ කිසිඳු සාකච්ඡාවකින් විසඳුමකට එළඹීමට නොහැකි වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
යුක්රේනය සමග පවතින ගැටුම් නතර කිරිම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ ඉල්ලීම රුසියාව ප්රතික්ෂේප කිරිම හේතුවෙන් මෙම සම්බාධක පැනවු බවයි ඇමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළේ.