රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට තමන් සුදානම් බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා සමග ඊයේ පවතී සාකච්චාවෙන් අනතුරුවයි ඔහු මෙලෙස පවසා ඇත්තේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර රුසියා යුධ මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණා.
අනතුරුව එහි කරුණු සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයාව දැනුවත් කිරීමටයි ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කලේ .
ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනාධිපතිවරයා හා යුක්‍රේන ජනාධිපතිවරයා අතර මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණා.
ඊට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා, ජර්මන් චාන්සලර්වරයා, ප්‍රංශ ජනාධිපතිවරයා ඇතුලු යුරෝපා නායකයින් රැසක් එක්ව සිටියා.
එහිදි ට්‍රප්ම් ජනාධිපතිවරයා කියා සිටියේ රුසියා – යුක්‍රේන ජනාධිපතිවරුන් අතර හමුවක් සුදානම් කිරීම සම්බන්ධයෙන් පුටින් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත්වු බවයි.
මිනිත්තු 40ක පමණ කාලයක් තමන් පුටින් ජනාධිපතිවරයා සමග දුරකතන සංවාදයක යෙදුනු බව ද මෙහිදි ඔහු කියා සිටියා.
එමෙන්ම රුසියා යුක්‍රේන යුධ ගැටුම් ස්ථීර ලෙස අවසන් කිරීම මිස සටන් විරාමයක් අවශ්‍ය නොවන බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියා.
අනතුරුව යුක්‍රේන ජනාධිපති වොල්දෝමිර් සෙලෙන්ස්කි කියා සිටියේ ඇමෙරිකා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා ඵලදායී බවයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලබාදීම ඇතුලු කරුණු යටතේ තමා පුටින් ජනාධිපතිවරයා හමුවීමට සුදානම් බව ද මෙහිදි ඔහු කියා සිටියා.