රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය අද රාත්‍රී 10:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
පෙරහැර ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය අසලින් ගමන් ආරම්භ කර කෑගල්ල කරවනැල්ල මාර්ගය ඔස්සේ කරවනැල්ල දෙස සිට පැමිනෙනු ඇති .
පසුව රුවන්වැල්ල රාජසිංහ විදුහල ඉදිරිපිටින් ආපසු හැරී, පැමිණි මාර්ගය ඔස්සේම නැවතත් ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතායි.
මෙම කාලසීමාව තුළදී මෙම මාර්ගය භාවිත කරනු ලබන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය දැනුම් දී තිබෙනවා.