හිමිකාරීත්වය තහවුරු කරනොගත් රුපියල් දෙකෝටි හැට හත් ලක්ෂ හතළිස් පන් දහසක මුදල් සමග සැකකරුවන් හත් දෙනෙක් සහක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පසුගිය 22 වන දින පෑලියගොඩ, නාරංමිණිය ප්‍රදේශයේදී කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකටයුතු ත්‍රීරෝද රථයක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි.
එහිදී ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයෙකු සන්තකයේ තිබූ බෑගයක් තුළ රුපියල් ලක්ෂ තිහක මුදලක් තිබී සොයාගෙන තිබෙනවා.
අදාළ මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකය මත වැඩිදුර විමර්ශන සඳහා එම පුද්ගලයා සහ ත්‍රීරෝද රථයේ රියදුරු ත්‍රීරෝද රථයද සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම මුදල පිටකොටුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවකයෙකු විසින් එම ආයතනයට අයත් මුදල් බැංකුගත කිරීමට රැගෙන යාමේදී කොල්ලකෑමක් සිදු වූ බවට හැඟී යන පරිදි සැලසුම් කර සැකකරුට ලබාදී ඇති බවට අනාවරණ වී ඇති බවද පොලිසිය පවසනවා.
වැඩිදුර විමර්ශන සිදුකර මෙම අපරාධයට අදාළව තවත් රුපියල් ලක්ෂ 15ක මුදලක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේම රුපියල් දෙකෝටි විසි දෙලක්ෂ හතළිස් පන් දහසක මුදලක් සමග තවත් සැකකරුවන් පස් දෙනෙක් අපරාධය සඳහා යොදාගත් බවට සැකපිට යතුරු පැදියක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 45ත් අතර පසුවන බවත් සැකකාරිය වයස අවුරුදු 60ක් පමණ වන තැනැත්තියක් බවත් පොලිසිය පවසනවා.
අදාළ සැකකරුවන් කැලණිය, පෑලියගොඩ, වැල්ලම්පිටිය, මාවනැල්ල සහ කඩවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස අපරාධ නිවාරණ කාර්යාංශය විමර්ශන සිදු කරනු ලබනවා.













