පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී රිය අනතුරු සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇති බව පොලීසිය පවසනවා.
රියදුරන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිත කර රිය පැදවීම හේතුවෙන් මේ අතරින් බහුතරයක් අනතුරු සිදුව ඇති බවයි පොලිසිය සදහන් කලේ .
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතා මේ බව සඳහන් කළා .
එමෙන්ම දැනට ක්‍රියාත්මක වන රථවාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරනු ලබන රියදුරන්ටද දැඩි දඩුවම් ලබා දීමට කටයුතු කරනු ඇති .
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.













