හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින්.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සදහන් කළේ මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවයි.
විමර්ශන කටයුතු අවසන් නොමැති වීම හේතුවෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු අදිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලීම් කර තිබුණා.
සෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ හිටපු ජනාදිපතිවරයා එළැඹෙන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
අපරාධ පරීක්සණ දෙපාර්තුමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ඔහුගේ ධූර කාලයේදී රජයේ මුදල් භාවිතා කරමින් ලන්ඩන් නුවර පැවැත්වූ ඒ මහතාගේ බිරිදගේ උපාදි උත්සවයක් සදහා සහභාගී වීම හේතුවෙන්.
උණුසුම් පුවත්
- පේරාදෙණිය සරසවියේ පීඨ දෙකක් 29 විවෘත කිරීමට පියවර
- බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට… හතක් රෝහලේ
- කල්පිටියේ ග්‍රාම නිලධාරීන් දැඩි තීරණය්ක ගනියි
- රට ගොඩනගන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මිලියන 25ක්
- රදැල්ල කෙටි මාර්ගයේ අනතුරකින් අයෙක් රෝහලට
- නවතා තිබූ බසයෙන් බැස්ස මගීන් දෙදෙනෙකුට අත්වූ ඉරණම
- වන අලි පහරින් අයෙක් මරුට
- තායිලන්තයෙන් ඇවිත් නෝටි වැඩ කළ කතුන් 9ක් අල්ලයි













