වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් රන්දෙණිය රක්ෂිතයේ ඊයේ පස්වරුවේ දී විශාල ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.
එම ගින්න ඊයේ රාත්රි කාලය පුරාවටම රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර ගින්න නිසා රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ප්රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර අලුයම් කාලයේ ප්රදේශයට පැවති පිනි සහිත කාලගුණය සමග අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන් ම පාලනය කර තිබෙනවා.