විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිළිවෙළට අනුව සහනදායී මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේ කවුලුවක් ඊයේ(16) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.
ඒ නාවල පාර, නාරාහේන්පිටි පිහිටි ශ්‍රී ලංකා විදේශ රැකියා ආයතනයේදීයි.
මෙහිදී සාමාන්‍ය වෙළෙඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලට ගුවන් ටිකට්පත් නිකුත් කිරීම සිදු කරන අතට ලොව ඕනෑම රටකට විදේශ රැකියා සඳහා පිටත්ව යන සියලු ශ්‍රමිකයන්ට මෙහිදී අඩු මිලට ගුවන් ටිකට්පත් මිලදී ගත හැකි වනවා.
මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය බී.එස්. යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.පී. සේනානායක, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයනයේ සාමාන්‍යාධිකාරී ප්‍රසාද් ගලප්පත්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.