දිට්වා සුලි කුණාටුවෙන් ආපදාවට පත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පහසුකම් සලසා ඇති බවත් ආපදාවට පත් සහ ආපදාවට පත් නොවූ ඇතැම් පිරිස් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සිදු කරන ඇතැම් ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසනවා.
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද(11) දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් දිස්ත්‍රික් ලේකම්වරිය මේ බව කියා සිටියා.
වලපනේ මන්දාරම්නුවර ප්‍රදේශයේ මාර්ග අවහිර වී තිබියදී ගුවන් මගින් පවා අවතැන්වූවන්ට ආහාර ද්‍රව්‍ය යොමු කළ බවත් මාර්ග යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලක්ම යොමු කර තිබියදී කිසිදු සහනාධාරයක් නොලැබුනු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත ප්‍රකාශ බවයි.
ආපදාවට පත් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් දිවා රාත්‍රී දෙකේ කැපීමෙන් කටයුතු කර ආපදාවට පත් ජනතාවට තවදුරටත් කටයුතු කරමින් සිටින බවත් සියලු දෙනා එකාමෙන් කටයුතු කර ආපදාවෙන් සහන නොලැබුනු යම් පිරිස්ක සිටී නම් එම පිරිසට අවශය සහන ලබාදී යළිත් නැගී සිටීමට සියලු දෙනා එකාමෙන් කටයුතු කළ යුතු බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.













