ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලේයන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව යුරෝපා සංගමයේ බොහෝ අපනයන සඳහා සියයට 15 ක තීරු බදු පැනවීමට අමෙරිකාව එකඟ වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
මිට පෙර ඇමෙරිකාව විසින් සියයට 30 ක තීරු බදු පනවන බවට දැනුම්දුන් අතර, යුරෝපා සංගමයද ඩොලර් බිලියන 109 ක තීරුබදු පැනවීමකට සූදානම්ව සිටියා.
කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් නිරන්තරයෙන්ම ප්‍රකාශ කර සිටියේ යුරෝපා සංගමය අමෙරිකාවට අසාධාරණ ලෙස වෙළෙඳාම් සිදු කරන බවයි.