Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යුරෝපයේ රැකියා පෙන්වා මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    යුරෝපයේ රැකියා පෙන්වා මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2025-10-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් ලෙස කටයුතු කරමින් මීගමුව ප්‍රදේශයේ වසර එක හමාරක කාලයක් පමණ පවත්වාගෙන ගිය ත්‍ක්‍ ෂබඑැරබ්එසදබ්ක ආයතනය මගින් හංගේරියාව, නෙදර්ලන්තය හා ෆින්ලන්තය වැනි රටවල සාත්තු සේවා අංශයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අය කර ඇති අතර, මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිලි 20ක් ලැබී තිබෙනවා.

    එහිදී විමර්ශන නිළධාරීන් විසින් සිදුකළ සොයාබැලීමේදී අදාල රැකියා නියෝජිතායතනයට හංගේරියා රටට පමණක් රැකියා ඇණවුම් ලැබී ඇති නමුත් ඒ අතරට සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා නොමැති බවත් අනාවරණ වී තිබෙනවා.

    ලද පැමිණිලි අනුව ඔවුන් වංචාකර ඇති මුදල රුපියල් කෝටි 2ට ආසන්න බවත් හෙළි වූ අතර, මෙම නීතිවිරෝධි ක්‍රියාවට සම්බන්ධ වංචාකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන පොලිස් ඒකකය විසින් විමර්ශන ක්‍රියාත්මක කරන ලදී.

    ඒ අනුව මෙම ජාවාරම සඳහා සෘජුව සම්බන්ධ වූ, විදේශ රැකියා අංශයේ වසර ගණනක පළපුරුද්දක් ඇති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මාවනැල්ලේදී හා කඩවත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ රැකියා නියෝජිතායතනයේ හිමිකාරිය, ඇයගේ සැමියා හා අදාළ ආයතනයේ මුදල් භාරව කටයුතු කළ කළමනාකරු මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසු විමර්ශන නිළධාරීන් මගහරිමින් සැගවී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔක්තෝම්බර් මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර, විමර්ශන නිළධාරීන් මගහැර සැගව සිටින පුද්ගලයින්ට විදේශ ගමන් තහනමක් පැනවීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

    මෙම වංචාවට හසුවූ තවත් පුද්ගලයින්ගෙන් තවදුරටත් කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතින අතර, ඊට අදාළවද මේ වන විට විමර්ශන සිදුකරමින් පවතිනවා.

    එසේම අදාළ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය අත්හිටුවීමටද මේවන විට පියවර ගෙන තිබෙනවා.

    කාර්යාංශයේ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියවංශ මහතාගේ මෙහෙයවීම මත, විමර්ශන නිළධාරී පොලිස් පරීක්ෂක එස්.කේ.කේ.මදුශංක හා පොලිස් පරීක්ෂක අල්විස්, විමර්ශන නිළධාරී ඉදුනිල් පුෂ්පකුමාර හා පොලිස් සැරයන් දහනායක විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

    විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ අදහසක් අනුව ආරම්භ කරන ලද මෙම පොලිස් ඒකකයට විදේශ රැකියා වංචනිකයින් සම්බන්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන අතර, එම පැමිණිලි අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් විසින් සිදුකරන මෙහෙයුම් පුළුල් කර තිබෙනවා.

    වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් 0112882228 අංකය ඔස්සේ කාර්යාංශ විශේෂ විමර්ශන අංශය යටතේ ස්ථාපිත පොලිස් ඒකකයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

    පෙර පුව​තමන්නාරම් කොළඹ දුම්රියෙන් ගංජා හමුවෙයි
    ඊළඟ පුව​ත නිවිතිගල සමූපයේ බලයත් විපක්ෂයට

    සබැ​ඳි පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group