යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීමට රුසියාව උත්සාහ කර ඇතැයි යුක්රේන ආරක්ෂක සේවාව චෝදනා කරනවා.
අදාළ කුමන්ත්රණයට සම්බන්ධ බවට සැකපිට යුක්රේන රජය ආරක්ෂාකිරීමේ ඒකකයේ අණදෙන නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඔවුන් චෝදනා කරන්නේ එම පුද්ගලයින් රුසියාවේ චර පුරුෂයින් ලෙස කටයුතු කර ඇති බවයි..
එම පුද්ගලයින් සෙලෙන්ස්කිගේ ආරක්ෂකයින් අතරින් ඔහු ඝාතනය කිරීමට කැමති අයෙක් සොයා රහසිගත මෙහෙයුමක් සිදු කර ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.