මෙම වසරේ (2025) ගතවූ මාස 7 තුළ සිදුවූ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 234 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරක්ෂක අධිකාරිය පවසයි.
දුම්රිය පාපුරුවෙන් වැටීම්, දුම්රියට පැන දිවිනසා ගැනීම්, දුම්රිය මාර්ගයේ ගමන් කිරීම්, ගෙල තැබීම් සහ දුම්රියට නැගීමට යෑමේදී වැටීම් හේතුවෙන් මෙම මරණ සිදුව ඇතැයි ද එම අධිකාරිය කියයි.
මෙම මරණ බොහෝමයකටම හේතුව බොහෝ පුද්ගලයන්ගේ නොසැලකිලිමත්කම බවද පැවසේ. මේ අතර දුම්රිය හරස් මාර්ගයට නොසැලකිලිමත් අයුරින් වාහන දැමීමට යෑමේදී ගතවූ මාස 7 තුළ අනතුරු 31ක් සිදුව ඇතැයි ද එම අධිකාරිය කියයි.