මෙරට ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.
ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ මහතා සඳහන් කරන්නේ 2022 වසරේ හඳුනාගත් ලිංගාශ්‍රිත රෝගීන්ගේ සංඛ්‍යාව 604ක් වූ බවයි.
එසේම 2023 වන විට එම සංඛ්‍යාව 690 දක්වා ඉහල ගොස් තිබෙනවා.
එය සියයට පහළොවක වැඩිවීමේ ප්‍රතිශතයක් බවයි ඒ මහතා පවසන්නේ.
විශේෂයෙන්ම තරුණ පිරිස් අතර මෙම රෝග බහුලව ව්‍යාප්ත වන බවක් දක්නට ඇති බවත්, වාර්තා වන රෝගීන් වැඩි පිරිස අවුරුදු 29 ට අඩු බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ජානක වේරගොඩ මහතා පවසනවා.