මස්කෙළිය සාමිමලේ මිලියාකෝට්ටේ එළවළු වගා භූමියක තාවකාලිකව ඉදිකර තිබූ වාඩියක තිබී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සහ ඊට යොදන පතොරම් 02ක් එස්.ජී. වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සමග සැකකරුවෙක් මස්කෙළිය fාපලිසිය විස්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මියාකෝට්ට ප්‍රදේශයේ එළවළු වගා කොටුවක සැක කටයුතු පුද්ගලයෙකු සිටින බවට මස්කෙළිය පොලිසියට ලද තොරතුරක් මත මස්කෙළිය පොලිසියේ නිලධාරීන් විසින් 21 වනදා රාත්‍රීයේ මෙහෙයුමක් දියත් කර වාඩිය පරීක්‍ෂා කිරීමේදී ගිනි අවිය සහ ඊට යොදන පතොරම් දෙකක්, එස්.ජී. වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සොයාගෙන තිබෙනවා.
මියාකෝට්ට ප්‍රදේශයේ අක්කර දෙකක පමණ ඉඩමක එළවළු වගා කරන කොටුවක සැකකරු සිටි බවත්, සැකකරු බිංගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44ක් පමණ වයසැති පුද්ගලයෙක් බවත් පොලිසිය පවසනවා.
මිලියාකෝට්ට ප්‍රදේශයේ එළවළු වගා භූමියට මීලියාකෝට්ට රක්ෂිතයේ සැරසරන ගෝනුන් පැමිණෙන බවත් එම වන සතුන් දඩයම් කිරීමට හෝ වෙනත් අරමුණකින් මෙම ගිනි අවිය සැකකරු රැගෙන ආවේදැයි යන්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද මස්කෙළිය පොලිසිය පවසනවා.