ශ්රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී තිබෙනවා.
එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයක් .
වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 කට ළඟාවී තිබෙනවා.
මෙය 2024 ජූනි මාසයට සාපේක්ෂව 8.73%ක වර්ධනයක් පෙන්නුම් කරන බවයි ශ්රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනය කලේ.
2025 ජූනි මාසයේදී පමණක්වෙළඳ භාණ්ඩ අපනයන 6.85%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,150.73 කට ළඟා වී ඇති බව ශ්රී ලංකා රේගුව සහ විද්යුත් භාණ්ඩ සඳහා ඇස්තමේන්තු දත්ත අනුව පෙන්නුම් කරනවා
2025 ජනවාරි සිට ජූනි දක්වා කාල සීමාව සඳහාවෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 6,504.72 ක් විය, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 5.86%ක වර්ධනයක්.
2025 ජූනි මාසයේදී සේවා අපනයනවලින් ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 309.61 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 16.38 %ක වර්ධනයක්.
වර්ෂයේ පළමු මාස හය තුළසේවා අපනයන 9.78%කින් වර්ධනය වී අති අතර ඇමරිකානු ඩොලර් මිලියන 1,833.14 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.