හික්කඩුව සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී වෙරළබඩ දුම්රිය මාර්ගයේ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අද පෙරවරුවේ මෙම සිදුවීම වාර්තා වුණා.
දෝෂයට ලක්වූ දුම්රිය ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මේ හේතුවෙන්, වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී තිබෙනවා.