වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙක් ඝාතනය කර පැහැරගෙන යනු ලැබූ වෑන් රථය මහනුවර පේරාදෙණිය මාර්ගයේ කටුකැලේ බාලිකා පාසලක් ඉදිරිපිට දමාගොස් තිබියදී මහනුවර කොට්ඨාෂ අපරාධ විමර්ශන ඒකකය විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ වෑන් රථය තුළ තිබී පිහි දෙක්, වෑන් රථය තුළ සිට අයිස් මත්ද්‍රව්‍ය පානයට යොදා ගත් බවට සැක කෙරෙන උපකරණ ඇතුළු සැකකටයුතු ද්‍රව්‍ය කිහිපයක්ද සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
සැකකරුවන් වෑන් රථය එම ස්ථානයේ දමා වෙනත් වාහනයක් පලා යන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි මුරකරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඝාතනයට කොට නිවස කොල්ල කා එම නිවසේ තිබූ කේ.ඩී.එච්. වෑන් රථයක් ඊයේ (14) දිනයේ පැහැරගෙන ගොස් තිබුණා.
ඝාතනයට ලක්වූ අදාළ මුරකරුගේ දෑත් ගැටගසා තිබූ බවත් ඔහු 64 වන වියේ පසු වූ මාරවිල මුදුකටුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවත් පොලිසිය පවසනවා.
අදාළ නිවසේ හිමිකරුවන් ඉතාලියේ පදිංචිව සිටින බවට අනාවරණ වී තිබෙනවා.
අදාළ නිවැසියන්ගේ ඥාතියෙක් නිවසට පැමිණි අවස්ථාවේ මුරකරු දෑත් දෙපා ගැට ගසා නිවසේ කාමරයක මියගොස් සිටින ආකාරය දැක තිබෙනවා.
එසේම එම අවස්ථාවේදී නිවසේ ගරාජයේ නවතා තිබූ වෑන් රථයද නොමැති බවට පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා.