මීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේ වෑන් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ හබරකැටිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ වෑන් රථයක් පෙරලීමෙන් අනතුරක් සිදු වුනා.
අනතුරට පත් වෑන් රථය අධික බෑවුම් සහිත ප්‍රධාන මාර්ගයකින් ඉහළ වංගුවේ සිට පහළ වංගුව දක්වා මීටර් 30ක් පෙරළී ගොස් යළි ප්‍රධාන මාර්ගය අසළ නැවතී තිබුනා.
අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු ඊයේ දිනයේම මිය ගොස් ඇති බවයි වාර්තා වුනේ.
වැන් රථයේ ගමන් ගත් පිරිස මීරිගම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා මීමුරේ ගම්මානයට ගමන් කරන අතරතුරයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
අනතුරින් මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු වන බවයි සදහන් වන්නේ.