වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ මීතොටමුල්ල ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ හදිසි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ මෙන්ම වෙනත් අපරාධ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරු අනුවයි මෙම හදිසි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කෙරුනේ.
පොලීසිය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා නිලධාරීන් ද සෝදිසි මෙහෙයුමට එක් වුණා.
පොලීසියේ විශේෂ යතුරුපැදි කණ්ඩායම් ද මෙහෙයුම සඳහා එක්ව සිටියා.
මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 26 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නිවාස ද හදිසි පරික්ෂාවට ලක්වුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.