මීගමුව සහ පානදුර ප්‍රදේශවලදී වෙඩි තැබීම් දෙකක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් විසින් අද(06) අලුයම 1.38ට පමන මීගමුව කුට්ටිදූව ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුත් හානියක් සිදුවනොමැති බවත් මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
මේ අතර පානදුර, අලුබෝමුල්ල, සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳ සැලකටද අද(06) පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී එහි කාන්තාවක් සිට ඇති අතර ඇය වෙඩි ප්‍රහාරයෙන් බේරී පලා යාමේදී වෙළෙඳ සැලේ තිබූ ශීතකරණයකට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.