මාතර, මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුධින ධීවර යාත්‍රාවක් අතුරුදන්ව තිබෙනවා.
මෙසේ අතුරුදන්ව ඇත්තේ ‘ඉදුරංගි 1’ යන බහුධින ධිවර යාත්‍රාව හා එහි සිටි ධීවරයින් 5 දෙනා බව වාර්තා වනවා.
අදාළ යාත්‍රාව පසුගිය නොවැම්බර් 21 වනදා සිට මෙසේ අතුරුදන්ව ඇති බව ධීවර යාත්‍රාවෙි සිටි ධීවරයන් පස් දෙනාගේ ඥාතින් පවසනවා.
ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ 6වනදා අවසන්වරට ඔවුන්ගෙන් ඇමතුමක් ලැබුණු අතර එදින සිට මේ වනතෙක් තොරතුරක් ලැබී නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති අතර අතුරුදන් වූ ධීවරයන් සහ යාත්‍රාව සෙවීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.













