මියන්මාරයේ මහා පරිමාණ අන්තර්ජාල වංචා මධ්‍යස්ථානයක් වැටලීමට එරට හමුදාව සමත්ව තිබෙනවා .
එහි තිබී ස්ටාර්ලින්ක් උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවයි මියන්මාර හමුදා පාලනය සදහන් කලේ .
මෙම භාණ්ඩ කෝටි ගණනක් වටිනා බවත්, එම ස්ථානයේ සිටි සේවකයන් 2,200 කට ආසන්න පිරිසක් සොයාගෙන ඇති බවත් එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළා.
අදාළ වැටලීමේදී ගොඩනැගිලි 200 ක් පමණ හමුදාව අත්පත් කරගෙන තිබෙනවා.
එරට හමුදා පාලනයට අනුව, මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ මියන්මාර-තායි දේශසීමාව ආසන්නයේ පිහිටි කේකේ පාක් හිදී යි.
මෙහිදී හමුදාව විසින් ස්ටාර්ලින්ක් රිසීවර සහ උපාංග කට්ටල 30 ක් අත්අඩංගුවට ගෙන තිබුණා.
COVID-19 වසංගතය ආරම්භ වූ දා සිට යුද්ධයෙන් පීඩා විඳින මියන්මාරයේ නීතිවිරෝධී දේශසීමා ප්‍රදේශවල, සේවකයන් යොදාගනිමින් විදේශිකයන් ව්‍යාපාරිකයන් හෝ ප්‍රේම සබඳතා යෝජනා මගින් වංචා කරන මධ්‍යස්ථාන දිනෙන් දින වර්ධනය වීමක් පෙන්නුම් කරන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.