මියන්මාර ජනරජය විසින් ශ්‍රී ලංකා රජය වෙත හදිසි සහනාධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000 ක් පරිත්‍යාග කිරීම ඊයේ සිදු වුණා.
මියන්මාර තානාපති Marlar Than Htaik මහත්මිය විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත නිල වශයෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරුණා.
මේ අතර මියන්මාරය අඛණ්ඩව ලබා දෙන සහයෝගයේ කොටසක් ලෙස සහල් මෙට්‍රික් ටොන් 500 ක් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ලබා දීමට නියමිතයි.











