මියගොස් සිටි කැළෑ බළලෙකුගේ සිරුරක් අද(17) කොටගල ප්‍රදේශයෙන් හමු වූ බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් පවසනවා.
කොටගල නගරයේ ව්‍යාපාරිකයෙකුගේ නිවස අසළ කැලෑ බලලා මියගොස් සිටි බවයි වනජීවි නිලධාරීන් කියා සිටියේ.
තේ වතු ආශ්‍රීතව සැරිසරන කැළෑ බලලුන් ගොදුරු සොයා පැමිණි විටදී විවිධ අනතුරුවලට ලක්වන බවයි වනජීවි නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ.