බිබිල, රාගම සහ යාපනය යන ප්‍රදේශයන්හි මනුෂ්‍ය ඝාතන 03 ක් සිදුව තිබෙනවා.
ඉන් එක් ඝාතනයක් වෙඩි තබා සිදුකර ඇති අතර අනෙක් ඝාතන දෙක සිදුකර ඇත්තේ තියුණු ආයුධවලින් පහර දීමෙන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
බිබිල මැදගම, බලගස්ආර ප්‍රදේශයේදී 38 හැවිරිදි කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
අදාළ කාන්තාව මාර්ගයේ ගමන් කරමින් සිටියදී අගේ සැමියා විසින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් භාවිත කර ඇති බවට අනාවරණ වී ඇති ඇතර සැකකරු ප්‍රදේශයෙන් පළ ගොස් තිබෙනවා.
මේ අතර රාගම වල්පොල ප්‍රදේශයේදි 28 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මුදල් ආරවුලක් මත සිදුවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර යාපනය, ඉරුප්පලේ ප්‍රදේශයේදී 43 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
තිදරු පියෙක් වූ අදාළ පුද්ගලයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇතත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.