මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු ලෙස හදුන්වා ගන්නා රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නමැත්තාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අද අවසර ලබා දී තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මෙරට මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මෙම සැකකරුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය වී තිබෙන බව පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සඳහන් කළා.
ඒ අනුව බන්ධනාගාරගතව සිටින මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා ඔක්තෝම්බර් මස 13 වනදා මෙම සැකකරුගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසයි නියෝග කළේ.