මැතිවරණ කොමිසමේ ප්‍රබලයින් දෙදෙනෙකුට මරණ තර්ජන පවතින බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතීඥ සුනිල් වටගල මහතා පවසනවා.
මේ හේතුවෙන් මැතිවරණ කොමිසමේ ඉල්ලා අස්වීමේ අවදානමක් තිබෙන බවද ඔහු සදහන් කළා.
එමෙන්ම පළාත් පාලන මැතිවරණය පවත්වන්නේදැයි සැකයක් පවතින බවද අද පවතී මාධ්‍ය හමුවකදී නීතීඥ සුනිල් වටගල මහතා පැවසුවා .
හඬ පට ධාවකයමේ අතර මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතුවලට බාධා කළහොත් එය වසර 03ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජන රැළියක් අමතමින් ඔහු සඳහන් කළේ, ඇප භාරනොගන්නැයි පසුගියදා ලිපියක් යැවූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවය.
හඬ පට ධාවකයමේ අතර මැතිවරණය කල්දැමීඹට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා .
හඬ පට ධාවකයඑමෙන්ම මැතිවරණය සමබන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින්ද අදහස් පල කළා .
හඬ පට ධාවකයමේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළව ඇතැමුන් මේවනවිටත් රාජ්‍ය බලය හා රාජ්‍ය දේපළ භාවිත කරන බවට වාර්තා වී ඇතැයි පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන බවයි.
මැතිවරණය ජය ගැනීම සඳහා මුදල් හෝ ආධාර ලබාදෙන කිසිදු අපේක්ෂකයෙකුට මෙන්ම නියෝජිතයෙකුට නොරැවටෙන ලෙස ඡන්ද දායකයින්ගෙන් මෙහිදී ඉල්ලීමක්ද කළා.
හඬ පට ධාවකය