පක්ෂ ලියාපදිංචිය සඳහා යොමු කරන ලද නව දේශපාලන පක්ෂ 36ක අයදුම්පත් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
අවශ්‍ය මූළික සුදුසුකම් සපුරා නොමැතිවීම හේතුවෙන් එම පක්ෂවල අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසන්නේ.
සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අයදුම්පත් 80ක් පමණ ලැබී තිබූ බවයි.
කෙසේ වෙතත් අයදුම්පත් 44ක් සම්බන්ධයෙන් මේ දිනවල සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන බවද ඔහු කියා සිටියා.
මේ වන විට පිළිගත් දේශපාලන පක්ෂ 83ක් මැතිවරණ කොමිසන් සභාවේ ලියාපදිංචිව තිබෙනවා.