2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් 191 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අපේක්ෂකයින් 6 දෙනෙකු ද ඒ අතර වන බවයි.
මැතිවරණයට අදාළව පැමිණිලි 168 ක් පොලිසියට ලැබී ඇති අතර අපරාධමය පැමිණිලි 30 ක් හා මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පැමිණිලි 138 ක් ඒ අතරට ඇතුළත්.
එමෙන්ම රථ වාහන 45 ක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.