මාර්ග නීති කැඩූ පුද්ගලයින් 31,905 දෙනකුට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
ජනවාරි 11 වැනිදා සිට ක්‍රියාත්මක කළ මෙහෙයුමවලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කළ බවයි පොලිසිය පවසන්නේ.
පොලීසිය දිවයින පුරා පොලිස් ස්ථාන 607ම ආවරණය වන පරිදි මේ මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.
එහිදී බීමතින් රිය ධාවනය කළ රියැදුරන් 3,876ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අපරීක්ෂාකාරිව රිය ධාවනය කළ රියැදුරන් 190ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.