මාතලේ, තණමල්විල, වැලිකන්ද සහ කොටවිල යන ප්‍රදේශයන්හිදී සිදු වූ මාරක රිය අනතුරු හතරකින් අට හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ මාතලේ, මහනුවර යාපනය මාර්ගයේ දියබුබුල පාලම අසලදී මාතලේ දෙස සිට ඇල්වල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලය ාමාතලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක් පමණ වන යාචක පුද්ගලයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
මෘත දේහය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතට තණමල්විල – වැල්ලවාය මාර්ගයේ බලහරුව ප්‍රදේශයේදී වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ටිපර් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ වෘන් රථයේ රියුදරු තණමල්විල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 45ක් පමණ වූ තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
වැලිකන්ද, අසේලපුර – කුරුළුබැද්ද මාර්ගයේ අසේල ප්‍රදේශයේදීද අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කුරුළුබැද්ද දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක මාර්ගය හරහා ගමන් කළ දරුවෙක් ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටයිදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අසේලපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 8ක් පමණ වූ දරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර කොටවිල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින්ද පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කොටවිල ලැබීම මාර්ගයේ කමුරුගමුව ප්‍රදේශයේදී කොටවිල දෙස සිට ලැබීම දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිනි යතුරුපැදියක් ගැටී අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු ලැබීම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
කොටවිල, කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි 82 වියැති පුද්ගලයෙක් අනතුරෙන් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොටවිල පොලිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













