බිබිල, හෙවෙල්වල, ඉනගලහේන ප්‍රදේශයේ නිවසක් බිඳ මුදල් සහ දේපළ සොරාගත් බැණා කෙනෙක් පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන තිබෙනවා.
හැතෑ දෙහැවිරිදි නිවෙස් හිමියාගේ බිරිඳ, දියණිය සහ මිනිබිරිය කූඹල්වෙල ප්‍රදේශයේ අසපුවකට ගොස් සිටියදී නිවස ආසන්නයේ පිහිටි වෙළෙඳ සැලේ වෙළෙඳාම් කටයුතු සඳහා නිවෙස් හිමියා ගොස් තිබෙනවා.
එලෙස ගොස් සිටියදී බෑණා පැමිණ නිවසේ යතුර ඉල්ලාගෙන ගොස් තිබෙනවා.
සිය වෙළෙඳ සැලේ කටයුතු නිමකර රාත්‍රී 9.10ට පමණ යළි නිවසට පැමිණි නිවෙස් හිමියාට දැකගත හැකි වූයේ ඔහුගේ නිවසේ කාමරයේ දොර අලවංගුවකින් කඩා ඇති බවයි.
වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී අල්මාරියේ තිබූ රුපියල් දෙලක්ෂ අට දහසක්, ඔහුගේ තවත් රුපියල් 6100ක්, රුපියල් 3000ක් වටිනා ඉමිටේෂන් වළලු දෙකක් වටිනාකම නොදන්නා රන් මාලයක් සහ පෙන්ඩනය තිබී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙස් පසුව යතුර රැගෙන ගිය ඔහුගේ බෑණා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සොරාගත් දේපළ සොයා පොලිසිය පරීක්ෂණ පවත්වන අතර බිබිල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා.