ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විවිධ ආයතනවලට සහ පුද්ගලයන්ට පසුගිය වසර පහක කාලයේදී ලබා දී ඇති නිර්දේශ දෙසීයකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක නොමැති බව අනාවරණය වී තිබෙනවා.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ බව අනාවරණය කර තිබෙනවා.
පැමිණිලි විභාග කර දුන් නිර්දේශ හැට අටක් පසු විපරම් කිරීමේදී ඉන් ක්‍රියාත්මක කර ඇත්තේ හෝ එකඟතාව ලබා ගැනීමට හැකිව ඇත්තේ නිර්දේශ දොළහකට පමණක් බවයි එහි සදහන් කර ඇත්තේ.
ඒ අනුව එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බවයි.
මේ අතර 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ පවත්වන ලද විමර්ශනවලදී නිකුත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍ය ආයතන සතු නීතිමය බැඳීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නැවතත් අවධාරණය කර සිටිනවා.
කොමිසම සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සහ ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා ප්‍රධානීන්ට සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට මෙම බැඳීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.













