ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වන විට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මහබැංකු අධිපතිවරයා පැවසුවේ වාණිජ ණය හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡා තවත් කඩිනම් කිරිමට බලාපොරොත්තු වන බවයි.
ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත මූල්‍ය පැකේජයේ පළමු සමාලෝචනය මාස 6 කදී සිදු කිරීමට නියමිත බවත් ඊට පෙර අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි වනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.