මස්කෙළිය නගරයේ පදික වේදිකාවල කෙරෙන පදික වෙළෙඳාම් නතර කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභාව විසින් පියවර ගෙන තිබෙනවා.
මස්කෙළිය නගරයේ පවතින පදික වෙළෙඳාම් හේතුවෙන් එම පදික වේදිකාවල පදිකයන්ට නිසිලෙස ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් පැවතීම සම්බන්ධයෙන් අවධානය යොමු කර මස්කෙළිය ප්‍රාදේශීය සභාව මෙලෙස පදික වේදිකාවේ සිදු කරන වෙළෙඳාම් නතර කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. රාජ්කුමාර් මහතා ඇතුළු එහි පක්ෂ විපක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පිරිසක් නගරයේ පදික වේදිකාවල නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.
එලෙස නිරීක්ෂණ චාරිකාවේ එක්වීමෙන් අනතුරුව ඉදිරියේදී පදික වේදිකාවල වෙළෙඳාම් කිරීම තහනම් කිරීමට සැලසුම් කර ඇති බවටයි වාර්තා වන්නේ.