හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර සහ මර්වින් සිල්වා යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් තවදුරටත් ජුනි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාාගාර ගත කර තිබෙනවා.
ඒ මර්වින් සිල්වා සහ ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(26) යළි කැඳවූ අවස්ථාවේදීයි.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී මහර මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරුන් දෙදෙනා සහ සෙසු පිරිස රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේ රජයට අයත් කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.