වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සහ මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ තලවතුගොඩ ප්‍රදේශයේදී සැකරකැ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු දැනට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමීප සබඳතා පවත්වන පුද්ගලයෙකු බවට සැකකරු සම්බන්ධයෙන් කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
එසේම සැකකරු මෝදර පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීම, මෝදර සහ කොල්ලුපිටිය පොලිස් වසම්වලදී හෙරොයින් සන්තකයේ තබාගැනීම සහ පුද්ගලයෙකු පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු පවරා ඇති බවටද අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදු කර තිබෙනවා.
මෙලෙස අත්ඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 36ක් පමණ වන තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
රැඳවුම් නියෝග මත රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු සිදුකළ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර තිබෙනවා.
පසුගිය වසරේ දෙසැම්බර් මස අට වන දින ගම්පහ ප්‍රදේශයේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයේ යතුරු පැදිකරු ලෙස ක්‍රියා කර ඇති බවත් එසේම මෙම වසරේ මාර්තු 8 සහ අප්‍රේල් 15 යන දිනවලදී ගම්පහ ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන දෙකකට තැත් කිරීමේ අපරාධවලද යතුරු පැදියේ පැදිකරු ලෙස සැකකරු ක්‍රියාකර තිබෙනවා.
වැලිවේරිය ප්‍රදේශයේ පසුගිය මාර්තු මස 13 වන ffදින පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනයට තැත් කිරීමේ අපරාධයේ යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇත්තේද මෙම සැකකරු බවයි අනාවරණ කර ඇත්තේ.
එසේම සැකකරු විසින් වෙඩි තැබීමේ අපරාධ සඳහා යොදා ගත් බවට සැක කරන ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරු පැදියක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබනෙවා.