තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පොල්ගහහේන ප්‍රදේශයේදී ඊයේ(19) රාත්‍රී කාලයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජුනි මස 14 වනදා රාගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී සිදු කරන ලද පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
රාගම පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් පමණ වන රාගම පොල්ගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.