මැදවච්චිය දුම්රිය ස්ථානයේ සිදු කළ හදීසි පොලිස් මෙහෙයුමකින් රුපියල් 175000 ක් වටිනාකමින් යුත් කේරල ගංජා ග්‍රෑම් 700 ක් අද(09) සවස සොයා ගත් බව මැදවච්චිය පොලිසිය පවසනවා.
එහිදී මන්නාරම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය පරික්ෂා කළ අතර එහි ගමන් ගත් විශ්‍රාමික හමුදා සෙබෙලෙකු සන්තකයේ තිබී එම ගංජා තොගය පොලිසිය හොයා තිබෙනවා.
සැකකරු නොචිචියාගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
එම සැකකරු සමග ගංජා පොලිසිය විසින් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 01, චින්තක ආර්. පීරිස් මහතාගේ උපදෙස් පරිදි මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ඒ.ඒ.කේ.එස්. අධිකාරි මහතා, ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානාධිපති, පූනෑව පොලිස් ස්ථානාධිපති ඇතුලු පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලු පොලිස් කණ්ඩායම් සහ කහටගස්දිගිලිය පොලිසියේ නිලධාරි කණ්ඩායමක් සහිත 60කින් සමන්විත කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගි වී තිබෙනවා.
ඒ පිළිබඳ වැඩිදුර පරික්ෂණ මැදවච්චිය පොලිසිය සිදු කරන අතර සැකකරු හෙට(10) දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.