මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ජන ජීවිතයට සහ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
අධික වැසිත් සමග තද සුළං තත්ත්වයක් සහ ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් හැටන් කොළඹ, හැටන් නුවරඑළිය මාර්ගවල රථ වාහන ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණයත් සමගින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර පවතින වර්ෂාවත් සමග කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා.
අද(17) දින වන විට කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 5.3ක් සහ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 7.9ක් දක්වා ආසන්න වී ඇති බවට ඉංජිනේරුවන් පවසනවා.
ජලාශයෙන් දෙකේම ජල මට්ටම ඉහළ යාමක් සමග කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් කියා සිටිනවා.