මත් කරල් තොගයක් සමග සැකකරුවෙක් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව කොට්ඨාස වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වවුනියාව ඩිපෝව අසලදී කැබ් රථයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
අදාළ කැබ් රථයෙන් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කරවල තොයක් තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබූ මත් කරල් 359000ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන වවුනියාව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් පමණ වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
වවුනියාව කොට්ඨාස අපරාධ විම්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.