මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමක් ශ්‍රී ලංකා පොලීසිය සිදු කර තිබෙනවා.
මෙම මෙහෙයුම් තුලින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 838 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුනේ.
එමෙන්ම අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 20 දෙනෙකු හා වරෙන්තකරුවන් 675 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.
ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක් මෙහෙයුම සදහා යොදා ගත් බවයි පොලීසිය සදහන් කළේ.
එහිදී පුද්ගලයන් 25,755 දෙනෙක්ද වාහන 10,602ක්ද යතුරු පැදි 7,998ක ප්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එමෙන්ම මෙම මෙහෙයුම් හරහා නීති විරෝධී ගිනි අවි 4ක්ද පොලීසිය සිය භාරයට ගත් බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි














