අත්බෝම්බ / ටී 56 ජීව උණ්ඩ සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ඊයේ සෙට්ටිකුලමේ දී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබද පුළුල් විමර්ෂණ සිදුකෙරෙන බව වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.
ඇන්ටන් සුවේන්ද්‍රන් වික්‍රම් නොහොත් දේවා නැමැති මෙම සැකකරු 22 හැවිරිදි අයෙක්.
පසුගියදා ටී 56 අවියක් සමග අත්අඩංගුවට ගත් කාලියක්පෙරුමාල් රමේෂ් නැමැති සැකකරුගෙන් ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනිම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.
සැකකාර වික්‍රම් නොහොත් දේවා නැමැති අයගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරිමේ දී කොටහේනේ කාන්තාවක ඔහුට විටින් විට මුදල් බැර කර ඇති බව පොලිසිය පවසනවා.
මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ඒවා විය හැකි බවටයි නිරීක්ෂණය වී ඇත්තේ.
සැකකරුගේ නිවසේ තිබි ජීව උණ්ඩ / අත්බෝම්බයක් සහ මත් කරල් මෙන්ම අයිස් ග්‍රෑම් 10ක් සොයා ගැනුණා.
සැකකරුගේ නිවස ආසන්නයේ කුකුළු කුඩුවක් අසල ප්ලාස්ටික් බැරලයක අසුරා තිබියදී විවිධ වර්ගයේ ජීව අත්බෝම්බ 86ක් සොයා ගෙන තිබෙනවා.